iTunes වලට authorize කර ඇති PC එකක් වෙනත් PC එකක සිට Deauthorize කිරීම.

iTunes වලට authorize කල හැක්කේ පරිඝනක 5ක් පමනි. මෙය ඉක්මවූ පසු පැරණි පරිඝනක මෙලෙස ඉවත් කිරීමට නොදන්නේ නම් මෙම ලිපිය කියවූ පසු එය පහසුවෙන්ම කරගත හැක.
  • පලමුව iTunes open කරගන්න.
  • දැන් දකුණු කෙලවරෙහි ඇති iTunes Store මත click කරන්න.
  • ඉන්පසු වම් කෙලවරෙහි ඇති mail ID එක මත click කරන්න. (ඔබගේ iTunes ID එක)
  • දැන් පහත පින්තූරයේ පරිදි Computer Authorizations යටතේ ඇති Deauthorize All යන්න click කරන්න.
(මෙය සිදු කලපසු iTunes වලට authorize කර ඇති සියලුම PCs ඉවත් වේ. වෙන වෙනම PCs ඉවත් කිරීමට දන්නා තරමින් තවම ක්‍රමයක් නොමැත. දැන් නැවත අවශ්‍ය PCs වලින් log වී authorize කල හැක.)